![අමානුෂික පහරදීමකට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට [VIDEO] අමානුෂික පහරදීමකට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට [VIDEO]](https://news24.lk/wp-content/uploads/2022/09/dematagoda.jpg)
අමානුෂික පහරදීමකට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට [VIDEO]
තියුණු ආයුධයකින් පහරදී කපා කොටා අමානුෂික අන්දමින් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවට අදාළව සැකකරුවන් 7 දෙනෙකු දෙමටගොඩ, කාලිපුල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 31 ත් අතර පවතින වැල්ලම්පිටිය, දෙමටගොඩ හා වැලිමඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් සන්තකයේ තිබී කඩු 3 ක්, මන්නාපිහියක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.