අමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුද ආධාර තොගයක්

අමරිකාවෙන් යුක්‍රේනයට තවත් යුද ආධාර තොගයක්

අමරිකාව යුක්‍රේනයට තවත් ඩොලර් මිලියන 350 ක යුධ ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා ඩොලර් බිලියන 30 ඉක්ම වූ යුධ ආධාර යුක්‍රේනයට ලබා දී ඇති බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස යුධ ආධාර ලබාදීම සම්බන්ධයෙන් යුක්රේන ජනපතිවරයා ඇමරිකාවට සිය ස්තූතිය පළකර ඇති බවයි.

Share This