අභ්‍යාසලාභී උපාධිධාරී වැටුප 41 දහස දක්වා ඉහළට.

අභ්‍යාසලාභී උපාධිධාරී වැටුප 41 දහස දක්වා ඉහළට.

වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවක ගැටලු සඳහා විසදුම් අපේක්ෂා කළ නොහැකි බව සමගි ජන බලවේගය පවසනවා.

නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම තුල අර්බුද රැසක් ඇති විය හැකි බවයි.

පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නිශ්ඵල කාර්යයක් බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

තම ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොවීමට බලපෑ ප්‍රධානම හේතුව කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ එල්ලවූ බලපෑම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමගි ජනබලවේග මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද මෙහිදී කරුණු පැහැදිලි කලා.


මෑතකදී බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කොට මාසිකව රුපියල් 41 දහසක වැටුපක් ලබා දීමට කටයුතු කරන බව රජය පවසනවා.

පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව දැනුවත් කරමින්.

අභ්‍යාසලාභී උපධිධාරීන් 58 දහසකට ආසන්න පිරිසකට නව පත්වීම් ලබා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

Share This