අනුරාධපුරයේ පාසල් දරුවන් ප‍්‍රවාහනයට නුසුදුසු බස් රථ 65කට තහනම් නි‍යෝග

අනුරාධපුරයේ පාසල් දරුවන් ප‍්‍රවාහනයට නුසුදුසු බස් රථ 65කට තහනම් නි‍යෝග

අනුරාධපුර නගරයේ පාසල් දරුවන් ප‍්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ බස් රථ 65ක් සඳහා තහනම් නි‍යෝග ලබා දීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ පාසල් දරුවන් ප‍්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ ප‍්‍රවාහනයට සුදුසු තත්ත්වයේ තිබෙනවා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අනුරාධපුර නගරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදියි.

එහිදී බස් රථවල සවි කර තිබූ අනවශ්‍ය අංගෝපාංග සහ නලා ඉවත් කර ඒවා අලූ‍ත්වැඩියා කිරීමෙන් අනතුරුව දින 14ක් තුළ පොලිසියේ සහ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස ඔවුනට දැනුම් දී තිබෙනවා.

Share This