අනියම් ප්‍රේමයට පිහියෙන් ඇන පලා ගිය තරුණයා විදුලි සැර වැදී මරුට

අනියම් ප්‍රේමයට පිහියෙන් ඇන පලා ගිය තරුණයා විදුලි සැර වැදී මරුට

කාන්තාවක් පිහි ඇනුමකට ලක්වී තිබෙනවා.

ඒ කිරිබත්ගොඩ නගරයේදී.

පොලිසිය පවසන්නේ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් 29 හැවිරිදි එම පුද්ගලයා ඊට ටික වෙලාවකට පසු මිය ගොස් තිබෙනවා.

ඒ විදුලි සැර වැදීමෙන්.

මුන්දලම ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු කිරිබත්ගොඩ නගරයේදී එම කාන්තාවට පිහි ඇනුමක් සිදුකර තිබුණා.

ඉන්පසු සැකකරු එම තැනින් පලා යන්නේ අසල තිබූ ගොඩනැගිල්ලක ඉහළ මහලට නැග තවත් ගොඩනැගිල්ලක වහලයක් මතින්.

වහලයෙන් ගමන් කරමින් සිටියදී අනපේක්ෂිත තත්වයකට ඔහු පත්ව තිබෙනවා.

ඒ අධි බලැති විදුලි රැහැනක පැටලීමෙන්.

විදුලි සැර වැදුනු සැකකරු බිමට විසි වී තිබෙනවා.

තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිහි ඇනුමට ලක්වූ කාන්තාව කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කෙරුනා.

TAGS
Share This