
අනිද්දා කොළඹ ප්රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්රදේශ කිහිපයකට ජූනි 25 වැනිදා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව ජූනි 25 වැනිදා රාත්රී 10 සිට ජූනි 26 වැනිදා පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
නිවේදනයේ දැක්වෙන්නේ ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙනිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම හන්දියේ සිට හයිලෙවල් මාර්ගයේ 7 කණුව හන්දිය දක්වා සහ මෙම මාර්ගවලට සම්බන්ධ සියළු ප්රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.