
අධි උද්ධමනය සහිත රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට
ලෝකයේ අධි උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබෙනවා.
ඒ වසරක කාලයකට පසුවයි.
අමෙරිකාවේ ජෝන් හොප්කිංග්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැංකි විසින් සති 2 කට වරක් ප‍්‍රකාශයට පත්කරන මෙම අධි උද්ධමනයක් සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ වෙනිසියුලාවයි.
එහි උද්ධමනය සියයට 514 කින් ඉහළ ගොස් තිබෙනවා.
සිම්බාබ්වේ දෙවැනි ස්ථානයට සහ ලෙබනනය 3 වන ස්ථානයට පත්ව ඇති රටවල් 18 කින් යුත් මෙම ලැයිස්තුවේ සිටින එකම ආසියානු රට බවට දැන් පත්ව ඇත්තේ පාකිස්ථානය පමණයි.