අධිවේගයේ බස් සඳහා QR ගෙවීම්

අධිවේගයේ බස් සඳහා QR ගෙවීම්

අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම ලංකා කිව්.ආර් ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

පසුගිය දා මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණෙන්.

ඒ අනුව ජංගම දුරකතනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක ලංකා කිව් ආර් සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හෙවත් මොබයිල් ඇප් එකක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති කිව් ආර් කේතය ස්කෑන් කිරීමෙන් අදාළ මුදල් ගෙවීමට හැකියාව ලැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙලෙස පැහැදිලි කළා.

Share This