අධික උණුසුමින් ඉරාකයට බලපෑම් – සේවකයන්ට නිවාඩු

අධික උණුසුමින් ඉරාකයට බලපෑම් – සේවකයන්ට නිවාඩු

ඉරාකයේ ප‍්‍රදේශ කිහිපයකින් අධික උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා.

එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඇතැම් ප‍්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක කාර්යාල සහ කඩසාප්පු වසා දමා සේවකයින්ට නිවාඩු ලබා දී ඇති බව සඳහන්.

මෙම වසර ඉරාකයට දූවිලි කුණාටු සහ අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වූ වසරක් ලෙස විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Share This