
අද වැසි රහිත කාළගුණ තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද දිනයේ දී වැසි රහිත කාළගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිත දෙසින් හමා යන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 20-40 ත් අතර වන බවයි.
කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවීමේ හැකියාව පවතිව බව ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.