දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි.

අද පස්වරුවේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

පවතින තත්ත්වය හමුවේ ප‍්‍රමාද වී හෝ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේ.

ඉන්ධන ගැටලූව මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සේවයෙන් ඉවත්වීම හේතුවෙන් අද පෙරවරුවේ සිට දුම්රිය අවලංගු වීම් සහ ප‍්‍රමාද වීම් වාර්තා වුණා.

මේ අතර අද පස්වරුවේ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බවද වාර්තා වනවා.

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමක් ද සිදුනොවූ අතර දුම්රිය නියමිත පරිදි ධාවනය නොවීම හේතුවෙන් මගීන් සහ දුම්රිය සේවකයින් අතර නොසන්සුන්තාවක් ද හටගෙන තිබුණා.

මේ අතර අද උදෑසන සිට මේ දක්වා දුම්රිය ගමන් වාර 42ක් පමණ අවලංගු වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දුම්රිය එන්ජින් රියදුරන් සේවයට වාර්තා කළ ද දුම්රිය නියාමකවරුන් තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

Share This