අද දිනයේ පළාත් කිහිපයකට උණුසුම් කාලගුණික තත්ත්වයක්

අද දිනයේ පළාත් කිහිපයකට උණුසුම් කාලගුණික තත්ත්වයක්

අද දිනයේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට තද උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම උණුසුම් කාලගුණික තත්ත්වය ඇතිවිය හැකි බව සඳහන්.

ඉන් වැලකීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This