අද දිනයේත් එන්නත්කරණය දිස්ත්‍රික්ක 9 ක.

අද දිනයේත් එන්නත්කරණය දිස්ත්‍රික්ක 9 ක.

නාඋල ප්‍රදේශයේ කෝවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පවතින බව එම කොරෝනා මර්දන ඒකකය පවසනවා.

පසුගිය දෙදින තුළ පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 35 ක්.

නාඋල – බඹරගහවත්ත ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී ඇති කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

මේ අතර කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අද දිනයේත් දිස්ත්‍රික්ක 9 ක් ආශ්‍රිතව එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල. හම්බන්තොට, කිළිනොච්චිය. ත්‍රීකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ක්‍රියාත්මකයි.

Share This