අද ජයක්ග්‍රහනය ගැන මිකී ආතර් කියපු කතාව…

අද ජයක්ග්‍රහනය ගැන මිකී ආතර් කියපු කතාව…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිකී ආතර් ට නොමැකෙන සමුගැනීමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගනිමින්.

තරග ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් මෙලෙස අදහස් පල කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටි වසර 2 අතිශයින් ස්මරණීය බව පැවසු ආතර් ගෙවුණු සෑම තත්පරයකටම මම ආදරෙයි යනුවෙන් කියා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක් වූ මිකී ආතර්….

” ඇත්ත වශයෙන්ම මෙම වසර දෙක ඉතාම තීරණාත්මක වසර දෙකක් වුණා.මම සන්තෝස වෙනවා, මම කණ්ඩායම අත්හැර යනකොට කණ්ඩායම තියෙන ස්ථානය ගැන, මට එය තිබූ තැනින් ඉහළට ඔසවන්නට හැකියාව ලැබුණා.මම මේ රටට හරිම ආදරෙයි”

තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය වර්ණවත් කරාවි යනුවෙන් ඔහු අනාවැකියක් ද පල කළා.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ශක්තිය ගැන කතා කරනවා නම්, ඔවුන්ට තිබෙන්නේ ඇදහිය නොහැකි දක්ෂතාවන්.මේ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය වර්ණවත් කරාවි.ඒ වගේම තමයි දිමුත් වගේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ඔහු මා මේ තනතුර භාර ගත් දා පටන්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දස්කම් දක්වමින් සිටියා.තරුණ ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ දක්ෂතා ප්‍රකට කරන්නට ලබා දුන් අවස්ථාවේ ප්‍රතිලාභ දැන් අපි විඳිනවා.පුහුණුකරු හැටියට මට මීටත් වඩා සතුටු වෙන්න දෙයක් නෑ, මම ඔවුන්ට විශ්වාසය ලබා දුන්නා, ඒ වගේම අඛණ්ඩව අවස්ථාව ලබා දුන්නා.
ඒ දුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන් දස්කම් දක්වනවා.”

තමන් මුහුණ දුන් දුෂ්කරතා පිලිබඳ සදහන් කල මිකී ආතර්..

මා පුහුණුකරු ලෙස සිටි වසර දෙක ගැන නැවත හැරී බලනවා නම් මේ අතරවාරයේ කිසිම දවසක මට ඔස්ට්‍රේලියාවට යන්න හැකියාවක් ලැබුනෙ නෑ.
මම 2019 නොවැම්බර් මාසේන් පස්සේ මගේ දියණිය දැකලා නෑ. ඒ වගේම තමයි ජෛව බුබුලකින් තවත් ජෛව බුබුළකට මාරුවෙන එක ක්‍රීඩකයින්ට වගේම අපිටත් අතිශය පීඩාකාරී දෙයක් වුණා.

Share This