අදත් බොහෝ ප‍්‍රදේශවලට තද වැසි

අදත් බොහෝ ප‍්‍රදේශවලට තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්වලත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් සුළගේ වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව එහි සඳහන්.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත‍්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This