අදත් ප‍්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි

අදත් ප‍්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි

ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත‍්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත‍්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

Share This