අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙතින් සහාය

අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රවාහනයට ශ්‍රී ලංකන් කෙයාර්ස් වෙතින් සහාය

ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව මෙරට රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යය ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රී ලංකන් කෙයාර්ස් විසින් භාරගෙන තිබෙනවා.

රට තුළ පවතින ඖෂධ හිඟයට මුහුණ දීම සහ රෝහල්වල දැනට අත්‍යාවශ්‍ය ඖෂධවලින් යැපෙන රෝගීන්ට කාලීන සහන සැලසීම ඔවුන්ගේ අරමුණ වනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකන් කෙයාර්ස් විසින් ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු ලොව සිටින පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද හදිසි වෛද්‍ය සැපයුම් ගුවන්ගත කිරීම අඛණ්ඩව සිදු කරන බව සඳහන්. 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වලින් තොරව මෙම වෛද්‍ය සැපයුම් ගුවන් ගත කෙරෙන අතර පසුව එම භාණ්ඩ රිජ්වේ ආර්යා ළමා රෝහල වැනි වෛද්‍ය ආයතන වෙත බෙදා හැරීමට නියමිතයි.

Share This