අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට වාණිජ බැංකු මඟින් ඩොලර්

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට වාණිජ බැංකු මඟින් ඩොලර්

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකු මඟින් ඩොලර් නිකුත් කිරීමට මහ බැංකුව එකඟ වී තිබෙනවා.

ඒ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙතෙක් කලක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් සිය භාණ්ඩ ඇනවුම් කිරීමේදී භාවිත කළ සැපයුම්කරුවන්ගේ ණය පහසුකම් යටතේ වන ආනයන ක‍්‍රමවේදය අත්හිටුවන ලෙසයි මහ බැංකු අධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

ඊට විකල්පයක් ලෙස වාණිජ බැංකු මඟින් ඩොලර් නිකුත් කෙරෙනු ඇති.

මේ අතර වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් සම්බන්ධයෙන් වාර්තාවක් මහ බැංකුව වෙත සැපයීමට පියවර ගන්නා බව වෙළෙද වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළා.

Share This