අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ට අවශ්‍ය මුදල් ලබා දීමට මහ බැංකුවේ එකඟතාවය

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ට අවශ්‍ය මුදල් ලබා දීමට මහ බැංකුවේ එකඟතාවය

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරවන්ට අවශ්‍ය ඩොලර්, වාණිජ බැංකු හරහා ලබාදීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එකඟත්වය පළ කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ප‍්‍රතිපාදන නොමැති බැවින් ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

ග‍්‍රාම නිලධාරීවරුන් සඳහන් කලේ මේ බව සතොස ආයතනය විසින් තමන්ට දැනුම් දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ගර්භණී මව්වරුන් දැනුවත් කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ග‍්‍රාම නිලධාරීවරුන්ට දැනුම් දී තිබෙනවා.

Share This