අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශික හෙවත් කුඩු සළිඳුගේ මව විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එමගින් ඔහු ඉල්ලා ඇත්තේ සිය ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙසයි.

එම පෙත්සම පිළිබඳ ස්ථාවරය ලබන 20 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල විසින් අද නීතිපතිවරයාට දැනුම් දුන්නා.

Share This