අත්අඩංගුවට ගත් අරගල ක‍්‍රියාකාරීන් තිදෙනාට පොලිස් ඇප

අත්අඩංගුවට ගත් අරගල ක‍්‍රියාකාරීන් තිදෙනාට පොලිස් ඇප

නුගේගොඩ – ජුබිලි කණුව ආසන්නයේ දී අත්අඩංගුවට ගත් අරගලයේ ක‍්‍රියාකාරීන් තිදෙනෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට පසුගිය වසරේ මාර්තු 31 වැනිදා සිදුකළ විරෝධතාවට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් එම විරෝධතාවය ආරම්භ කිරීම සඳහා පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර යම් උණුසුම් තත්වයක් හටගත්තා.

එහි දී අත්අඩංගුවට ගත් අරගලයේ හිටපු ක‍්‍රියාකාරීන් වූ ධානීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර ඇතුළු තිදෙනෙක් මිරිහාන පොලිසියට රැගෙන යාමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

Share This