අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවූ මළ සිරුර ගැන අධිකරණ නියෝගයක්

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවූ මළ සිරුර ගැන අධිකරණ නියෝගයක්

කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මීගමුව ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයේ තිබූ මළ සිරුර පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින්.

මෙලෙස මියගොස් ඇත්තේ, හෝටලයේ සේවය කළ මීගමුව ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක්.

අදාල මරණය සැක සිත බැවින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අදාල නියෝගය නිකුත් කර තිබෙනවා

Share This