
අතරමග නැවතුනු රජයේ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ඇරඹීමේ තීරණයක්.
ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසුවේ, ප්‍රමුඛතාව මත මේ වනවිට ඉදිකිරිම් ඇණහිට ඇති එවැනි ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා හඳුනා ගනිමින් සිටින බවයි.
කොළඹ නගරයේ පමණක් එවැනි නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට තිබෙනවා.
නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, මහා පරිමාණ රථ ගාල් 3 කද ඉදිකිරීම් ඇණහිට ඇති බවයි.
ඒ සඳහා ආයෝජනය කළ හා ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.