අඩු පොලී සහනාධාර යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා සූරිය පැනල – කංචන

අඩු පොලී සහනාධාර යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා සූරිය පැනල – කංචන

ආගමික සිද්ධස්ථාන සඳහා පමණක් අඩු පොලී සහනාධාර යටතේ සූරිය පැනල ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කලේ, ආගමික ස්ථානවල විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මේ එහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.

ඊට පිළිතුරු ලබාදුන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ රාජ්‍ය ආයතන ඇතුඵ ආයතන රැසකට මේ වන විටත් සූරිය පැනල සවි කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බවයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද මෙහි දී අදහස් පළ කළා.

කෙසේ වෙතත් අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ විහාරස්ථාන සඳහා විදුලි බිල අඩු කිරීම සඳහා අවශ්‍ය මුදල් නොමැති බවයි.

සංවාදයට එක්වූ සමගි ජනබලවේගයේ කඵතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ සහනාධාර ලබාදීමට පෙර ආණ්ඩුවේ දූෂණය සහ නාස්තිය අවම කරගත යුතු බවයි.

මේ ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය කංචන විජේසේකර මහතා

Share This