
අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක්
අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
ඊට අදාළ මූලික එකගතාවලට දැනටමත් එළැඹ ඇතැයිද එම අධිකාරිය සදහන් කරනවා.
මූලික එකගතාව සදහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගියදා සිදු කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ ඊට අත්සන් තබා තිබෙනවා.
මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ගැටළුවලට විසදුමක් ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මකයි.
අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29 ක්) ලබා දීමට
නියමිතයි.
ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව තිබෙනවා.