
අඟුරුවාතොට දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට 5 කට තුවාල
අඟුරුවාතොට බටගොඩ ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර බටගොඩ වෙල්යායක තිබී අද අලූයම සොයාගත් බව පොලීසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බටගොඩ යටවර ප‍්‍රදේශයේ පදිංචිව සිටී 36 හැවිරිදි පුද්ගලයෙක්.
බටගොඩ ප‍්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම සිදුව ඇති බව සදහන්.
එහිදී තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ, නාගොඩ හා හොරණ රෝහල් වල ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.