
අගරදගුරු හිමිපාණන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේදී.
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඞ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටහේන ශාන්ත ලූසියා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 3.00 ටයි.
කොළඹ හිටපු අගදරගුරු, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති දේවධර්මාචාර්ය අතිඋතුම් ඔස්වල්ඞ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වුණේ පසුගිය 3 වැනිදායි.