අගමැති නෙතන්නියාහුට එරෙහිව ඊශ‍්‍රායලය පුරා විරෝධතා

අගමැති නෙතන්නියාහුට එරෙහිව ඊශ‍්‍රායලය පුරා විරෝධතා

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහුට එරෙහිව එරට ජනතාව වීදි බැස විරෝධය පල කරනවා.

ප‍්‍රධාන නගරවලට රැස්වු දස දහස් ගණනින් ඊශ‍්‍රායල ජනතාව මෙලෙස විරෝධය පල කරන්නේ එරට ආරක්ෂක අමාත්‍යවරයා නෙරපා හැරීමට අගමැති නෙතන්නියාහු ගත් ක්‍රියාමාර්ගයත් සමගයි.

එසේම අග‍්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති අධිකරණ ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියටද ඊශ‍්‍රායල ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්

අද පෙරවරුවේ ඊශ‍්‍රායලයේ අගනුවර වන ජෙරුසෙලමේ පිහිටි බෙන්ජමින් නෙතන්නියාහුගේ නිවස ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා පොලිසිය කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This