එක්ලක්ෂ දොළොස්දහසක සොරකම – පිළියන්දල – CCTV

157
පිළියන්දල ප්‍රදේශයේ තොග වෙළඳ සැළකට පැමිණ සිටියදී රුපියල් එක්ලක්ෂ දොළොස්දහසක මුදලක් සොරකම් කර ඇති බව මවක සඳහන් කර සිටියා. ඒ අනුව එම වෙළඳ සැළ හිමිකරු CCTV දර්ශන පරීකෂා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එම මව පිටුපසින් කුඩා දැරියක සමග පැමිණෙන කාන්තා කණ්ඩායමක් මුදල් සොරකම් කරන ආකාරයක්. කුඩා දැරිය සමග පැමිණෙන්නේ තරුණියන් දෙදෙනෙක් සහ මැදිවියේ කාන්තාවන් දෙදෙනෙක්. තරුණියන් දෙදෙනා පාසල් යන වයසේ පසුවන බවක් පෙනෙයි. ඔවුන් සැරසී සිටින්නේ යම් උපකාරක පන්තියකට යන ලෙසකින්. මැදිවියේ කාන්තාවන් දෙදෙනා මුදල් සොරකමට මුලපුරයි. එක කාන්තාවක් කුඩයකින් අතක් ආවරණය කර ගනිමින් මුදල් රැගෙන ආ බව කියන මවගේ බෑගයෙන් යමක් ගන්නා ආකාරයක් හා අනෙක් කාන්තාවට ලබා දෙන බවක් CCTV දර්ශනවල ඇත. මුදල් ගෙන ආ බව කියන මව පසුගිය සෙනසුරාදා (15) රාජ්‍ය බැංකුවකින් 1,12,000ක් ගෙන මෙම වෙළඳසැළටයි පැමිණ ඇත්තේ. පවුලේ ඥාතීන් පවසන්නේ සැකකාර කාන්තා කණ්ඩායම බැංකුවේ සිටම සැලසුම් සහගතව පැමිණ මුදල් සොරකම් කර ඇති බවයි. මෙම සැකකාර පිරිස පිළිබඳ තොරතුරක් වෙතොත් පිළියන්දල පොලිසියට දන්වන ලෙස විමර්ශන නිලධාරීන් දන්වා සිටියි.

Your Comments