‘මාලි’ගේ සමුගැන්ම වෙනුවෙන් උපහාර ගීතය

182

ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින තරග 225කදී කඩුලු 335ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දළ වශයෙන් 5.36ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී තිබෙනවා.

මාලිංග බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග 14කදී කඩුලු 24ක් දවා ගත්තා.

ඒ 17.04ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින්.

‘මාලි’ගේ සමුගැන්ම වෙනුවෙන් උපහාර ගීතයක් නිර්මාණය කර තිබෙනවා.
පද රචනය කරමින් එය ගායනා කරන්නේ ජනප්‍රිය ගායන ශිල්පී ඇන්ටන් සිල්වායි.
කෙවින් පෙරෙරාගේ තනු නිර්මාණය ට සංගීත සංයෝජනය කළේ රන්ජිත් ඩයස්.
ගීතයේ රූප රචනය ලක්මාල් ප්‍රනාන්දුගෙන්.
මොරටුව Mahee Studio හි පටිගත කර ඇති මෙම ගීතයේ නිෂ්පාදක සමූහය නිවන්ති සිල්වා, ඩොමිනික් සිල්වා සහ එරන්ජිත් ප්‍රනාන්දුයි.

Your Comments