”මයිකල්” නිසා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි හානි

18

පැයට කිලෝමීටර් 250 ක වේගයකින් කඩා වැදුණු මයිකල් චණ්ඩමාරුතය හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි හානි සිදුව තිබෙනවා.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ අවම වශයෙන් ජීවිත හානි 6ක් සිදුව ඇති අතර, ඇතැම් පවුල්වලට තමන් සතු සියලු දේ අහිමිවී ඇති බවයි.
එම සුළි සුළග ඇමරිකාවට පැමිණියේ මධ්‍යම ඇමෙරිකානු රටවල ජීවිත 13 ක් බිළි ගනිමින්.
සුළි සුළග නිසා ෆ්ලොරිඩා, ඇලබාමා, කැරොලයිනා සහ ජෝර්ජියා ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන නව ලක්ෂයකට පමණ විදුලිය ද ඇණ හිට තිබෙනවා.
තුන්ලක්ෂ 70,000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, 6000 කට අධික සංඛ්‍යාවක් තාවකාලික කදවුරුවල රදවා ඇති බව සදහන්.

 


 

Your Comments