පළාත් හතරක දෙකන්නයේ ජල ගැටලුවට විසඳුම

11

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන කළු ගඟ ජලාශයේ රන් දියවර රැස්කිරීමේ මංගල්‍ය හෙට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ, ලග්ගල කළු ගඟ වේල්ල අසල දී යි.
දිවයිනේ පළාත් හතරක යල සහ මහ කන්නයේ වගා කටයුතුවලදී පවතින ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැබෙනු ඇති.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම මෙහි තවත් අරමුණක්.
ඒ අනුව හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව සහ තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1,200ක් පමණ පෝෂණය කෙරෙනු ඇති.
මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරීමට නියමිතයි.
කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්ත වන අතර මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද හෙට සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Your Comments