කරුණා අම්මාන් සම්බන්ධයෙන් ක්‍රියානොකළ බවට ආණ්ඩුවට එරෙහිව පෙත්සමක් (VIDEO)

6

කරුණා අම්මාන්ගේ ප්‍රකාශයට එරෙහිව නිසි නෛතික ක්‍රියාමාර්ග ගැනීම රජය විසින් නොසලකා හැර ඇති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ගොනු කර තිබෙනවා.

ඒ දේශය සුරැකීමේ විද්වත් එකමුතුව වෙනුවෙන් එහි සභාපති බෝසෙත් කළහෙපතිරණ මහතා විසින්.

නීතිය ඉදිරියේ සමානාත්මතාව නම්වූ මූලික අයිතිවාසිකම (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය) උල්ලංඝනය වී ඇති බව පවසමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද (25) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ට භාර දුන්නා.

මෙම අවස්ථාවට දේශය සුරැකීමේ විද්වත් එකමුතුවේ අනුශාසක පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි, ප්‍රධාන ලේකම් නීතිඥ ඉනෝකා හෙට්ටිආරච්චි, ජාතික සංවිධායක නීතිඥ ටියුඩර් පෙරේරා සහභාගී වූවා.

නීතිඥ මනහර වසන්ත විජේසුරේන්ද්‍ර මහතා විසින් ලේඛනගත නීතිඥයා ලෙස පෙනීසිටින මෙම නඩුවෙි වගඋත්තරකරුවන් ලෙස රජයේ නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නම් කර තිබෙනවා.

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ප්‍රදේශයේ දී ආන්දෝලනාත්මක කරුණු දැක්වීමක් කර තිබුණා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බවයි.

Your Comments