6

නිදන් සෙවූ දොළහක් කොටු

වැල්ලවාය ආඳාවෙලයාය බුදුරුවාගල ප්‍රදේශයේ දී නිදන් සොයා කැනීම් කරමින් සිටි දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට සැකකාරියක් ද ඇතුළත්.

පෞද්ගලික ඉඩමක සැකකටයුතු කැණීමක් සිදු කරන බවට ඊයේ රාත්‍රි පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව වැල්ලවාය පොලිසිය ක්‍රියාත්මක් වී අද අලුයම 1.00ට පමණ වැටලීම සිදු කළා.

යාග සහ කපු වැඩ පවත්වා ඇත්තේ සැකකාරිය බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් වයස අවුරුදු විසිහතරත් පනස් හතරත් අතර පසුවන්නන්.

ඔවුන් පානදුර, හඳපානාගල සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

කැනීම් උපකරණ ඇතුළු භාන්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

Your Comments