වරෙන්තු නිකුත් කර තිබු ජනපති කොමිසමේ ලේකම් අධිකරණයට භාර වෙයි

45

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්.කේ.වීරසිංහ මහත්මිය අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් මහාධිකරණයට භාර වී තිබෙනවා
නිතිඥ සෙනරත් ජයසුන්දර මහතා මගින් අදාල ලේකම්වරිය අද දහවල් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් වු බවයි වාර්තා වුණේ.
එහිදී ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා විසින් දන්වා සිටියේ අධිකරණය විසින් ඉල්ලා සිටින ලේඛන සියල්ල භාරදීමට තම සේවාදායකාව සූදානම් බවයි.
ඒ අනුව අදාළ ලේඛන සියල්ල හෙට දින තුළ රහස් පොලිසිය වෙත බාර දෙන්නයි කොමිසමේ ලේකම්වරියට අධිකරණය නියෝග කරනු ලැබුවා.

Your Comments