වර්ජනයේ නිරත දුම්රිය නිලධාරීන් සේවය හැර ගියාසේ සැලකෙයි

4

විසඳුම් ලබා දී තිබියදීත් වැඩ වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයන් සේවය අතහැරගියා සේ සැලකීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ නොදන්වා සේවයට නොපැමිණෙන සියලු‍ දුම්රිය සේවකයන් සේවය අතහැරගියා සේ සලකා කටයුතු කිරිමට පියවර ගන්නා බවයි.

පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කෙරුණු දුම්රිය සේවක වැඩ වර්ජනය අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි.

දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති ඇතුලු‍ වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයට එක්ව සිටිනවා.

මේ අතර ලබන 7 වනදා සිට 11 වනදා දක්වා දිවයින පුරා පාසල්වල සිදුකිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ වැටුප් විෂමතා ගැටළු සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය ලබාදුන් විසඳුම් පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන තුරු එම පියවර ගත් බවයි.

Your Comments