ලෝක වෙළෙඳ පොළේ රසායනික පොහොර මිල සීග්‍රයෙන් ඉහළට

11

ලෝක වෙළඳපලේ රසායනික පොහොර මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ඊයේ දිනය වනවිට යූරියා මෙට්‍රික් ටොන් 01ක මිල රු. 63,640ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
 මේ සම්බන්ධයෙන් සහ 2018 මහ කන්නයේ හිඟයකින් තොරව ගොවීන් වෙත පොහොර ලබාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ලෝක වෙළඳපලේ යූරියා පොහොර මිල ඉහළ ගියද, ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දුන්නේ.

 

Your Comments