බුදු පිළිම දෙකක් දේව රූපයක් සහ මැණික් ගල් 28ක් පෙරියමඩුව නිවසකින් සොයා ගැනේ
ප්‍රසාද් පූර්ණිමාල්

6

පල්ලම පොලිස් වසමට අයත් පෙරියමඩුව ප්‍රදේශයේ නිවසක තිබී ඉතා වටිනා බුදු පිළිම දෙකක්, දේව රුපයක් සමග මැණික් ගල් 28 ක් සොයා ගැනීමට පුත්තලම කොට්ඨාස
දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 27 පස්වරුවේ සමත් වී තිබෙනවා.
පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම කර ඇති අතර මෙහිදී සැකපිට නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ සැකකරුගේ දරුවා දකින ලද සිහිනයක් අනුව බිරිද විසින් මේ බුදුපිළිම හා මැණික් මිට මාස හයකට පමණ
පෙර සොයා ගත් බවයි .
මේ බුදුපිළිමවලට තමන් වත්පිළිවෙත් කල බවද සැකකරු ප්‍රකාශ කර ඇත.
මේ බුදු පිළිම හා දේව රුපය දඹ රන් විය හැකි බව සැකකරු විශ්වාස කරයි.
මේ මැණික් අතර අගලක් පමණ දිග නිල් මැණිකක් ද වෙයි.
මිට අමතරව මේ ප්‍රතිමා හා මැණික් තැබීම සඳහා සැකකරු විසින් භාවිතා කරන ලද කරඬුවක්, වීදුරුවක් හා ස්පිකර්
පෙට්ටියක් ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිත අතර පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Your Comments