කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ නිවසක ගින්නක්

9

කොළඹ, කොම්පඤ්ඤ වීදිය, ප්‍රදේශයේ නිවසක අද දහවල් ගින්නක් හට ගත්තා.
ගින්නෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි නිවුස් 24 වාර්තාකරු පැවසුවේ.
ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සදහන්.
අවට නිවාසවලට ගින්න පැතිර යාම වැළැක්වීමට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ආරක්ෂක අංශ සමත් වුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Your Comments