අභාවප්‍රාප්ත අමාත්‍ය තොණ්ඩමන්ගේ දේහය ගුවනින් ගම්පොළට

8

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය ගම්පොල ක්‍රිඩාංගණය වෙත දින උදැසන රැගෙන එනු ලැබුවා.
ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් කොළඹ සිට දේහය රැගෙන ආ බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
ගම්පොල ක්‍රිඩාංගණයේ සිට අමාත්‍යවරයාගේ දේහය රිය පෙරහැරක් මගින් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි අමාත්‍යවරයාගේ නිවස වෙත රැගෙන ඒමෙන් අනතුරුව මහජන ගෞරවය සදහා තැන්පත් කර තිබෙනවා.
අභවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 56 වෙනි ජන්ම දිනය ද අදට ගෙදී තිබෙනවා.
අමාත්‍යවරයාගේ දේහය හෙට උදැසන කොටගල ලංකා කම්කරු මුලස්ථානය වෙත රැගෙන එනු ඇති.
අමාත්‍යවරයාගේ අවසන් කටයුතු මේ මස 31 දින පස්වරුවේ හැටන් නොර්වුඞ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි රාජ්‍යය ගෞරව සහිතව සිදු කිරිමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

Your Comments