විශාල ගසක් කඩා වැටී හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිරතාවක් (PHOTOs)

23

විශාල මැයි මාරා ගසක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය පයක පමණ කාලයක් ඇණ හිට තිබෙනවා.

පස්වරු 4.30 ට පමණ මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්වයට පත් කෙරුණු බවයි ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන නගරයට ආසන්නයේ හින්දු කෝවිල අසලින් මාර්ගය අවහිර වී තිබුණා.

පොලිස් නිලධාරින් හා මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව ගස ඉවත් කිරීමට පියවර ගත්තා.

මේ අතර අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටිමේ අවදානමක් ඇති බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටිනවා.

පවතින අධික වර්ෂාවත් සමග අද (18) පස්වරුවේ සිට කැනියොන් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුව බැගින් විවෘත කළ බව එම ජලාශ භාර ඉංජිනේරු අංශ සඳහන් කළා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

 

Your Comments