හැටන් කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි (PHOTOs)

25

අධික වැසි හා සුලං තත්වයන් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර මාර්ගයට ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවුණා.

වටවල පොලිසිය පවසුවේ අද (10) උදැසන 5.50ට පමන හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදි මාර්ගයට ගසක් කඩා වැටී ඇති බවයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කටයුතු පැයක පමණ කාලයක් අවහිර වී තිබෙනවා.

ගස කපා ඉවත් කර මාර්ගය කඩිනමින් යථා තත්වයන්ට පත් කිරිමට පියවර ගත් බවයි පොලිසිය පැවසුවේ.

හැටන් ප්‍රදේශයේ ස්ථාන රැසක ගස් කඩා වැටිම් සිදුව ඇති අතර විදුලි රැහැන් හා දුරකථන රැහැන්වලට ද ඒ හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

(මනුර සුදත් සෙල්ලහේවා – හැටන්)

Your Comments