සිවාජිලිංගම්ට රජයෙන් පිළිතුරු

63

යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය යටතේ හෝ ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ පවතින විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙසට උතුරු පළාත් සභාවේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබූ යෝජනාව පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බව රජය පවසනවා.
යුද සමයේ උතුරු පළාතේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් මෙරට පිහිටුවන ලෙසට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා ඉදිරිපත් කළ යෝජනාව සභාව විසින් පෙරේදා දින සම්මත කර ගනු ලැබුවා.
ඒ අනුව ඔවුන් එම ඉල්ලීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සිදු කිරීමට නියමිතව ඇත්තේ.
මේ සම්බන්ධයෙන් නිව්ස් 24 රාජ්‍ය පරිපාලන හා කළමනකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු කියා සිටියේ කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර හෝ විශේෂ යුධ අධිකරණයක් මෙරට පිහිටුවීමට රජය ඉඩ ලබා නොදෙන බවයි.

Your Comments