විස්සේ හැරවීම් නැහැ – රජය දැඩි ස්ථාවරයක

15

දැනට කෙටුම්පත් කර ඇති ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජනතා අනුමැතිය හිමිව නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.
කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළා.

මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍යවී ඇත්තේ කොල්ලකාරී ආර්ථික අවශ්‍යතාවන් ඉටුකරගැනීම සඳහා බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි මෙම චෝදනාව කළේ.

මේ අතර, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු කතානායක කරූ ජය සූරිය මහතා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙලෙස කරුණු දක්වා සිටියා.

මේ අතර, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කිසිලෙසකින් හෝ ආපසු හැරවීමක් සිදු නොවන බව රජය අවධාරණය කළා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙලෙස අදහස් පළ කලා.

Your Comments