ලන්ඩන් බලා පිටත්ව යාමට ගුවන්යානයට නැගී ධම්මාලෝක හිමියන් යළි කැඳවයි

101

එංගලන්තය බලා පිටත්වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් යළි හරවා එවා තිබෙනවා.

NEWS24 වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ අධිකරණ නියෝගයේ දින පිළිඳ ඇති වූ ගැටලුවක් හේතුවෙන් තමන් ගුවන්යානයට ගොඩවී සිටින අවස්ථාවේ දී නිලධාරීන් විසින් යළි කැඳවීමට පියවර ගත් බවයි.

ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගී වීම සඳහායි උන්වහන්සේ අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණේ.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ සිය නීතිීඥවරුන් විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

Your Comments