භේද පසෙකලා රට හදන්න එන්න – වැඩිම මනාපගත් අගමැති මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

94

අභියෝගාත්මක කාල සීමාවක රටේ අනාගතය ගොඩනැංවීමේ භාර දූර කාර්යයට නව ජවයක් එකතු කිරීමට දිවා රෑ නොබලා කටයුතු කරමින්, බාධක අභියෝග හමුවේ නොසැලී ජනාධිපතිවරණයේ දී ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පරිවර්තනය කිරීමට දායක වූ සමස්ත ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාවට තම හෘදයාංගම ස්තූතිය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් තම නිල ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 5, 27,364 ක් ලබාගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිඵල සටහනේ පළමු ස්ථානයට පැමිණියා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහා මැතිවරණයට තරඟ කළ තමා හට, විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් කුරුණෑගල දිස්ත්‍රික් දේශප්‍රේමී ජනතාවට ද සිය හෘදයාංගම ස්තූතිය පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තමා කෙරෙහි තැබූ විශ්වාසය තව දුරටත් තහවුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද හෙතෙම සිහිපත් කර සිටියා.

පූර්ව මැතිවරණ සමයේ මෙන් රටේ නීතියට ගරු කරමින් කිසිවෙකුට හිරිහැරයක් නොවන ආකාරයට ලැබූ විශිෂ්ට විජයග්‍රහණය ගෞරවාන්විතව හා අර්ථවාන්විතව සමරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවයෙන් ඉල්ලා සිටියේ.

දුෂ්කර කාල වකවානුවක රට නැවත ගොඩනැංවීමේ භාරදූර්ය කාර්යභාරය ජනතාව තම පාර්ශවය වෙත පවරා ඇති බවත් ජනතාව පැවරූ එම කාර්යභාරය ඉටුකරලීම සියවගකීම බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

සියලු පක්ෂ පාට භේද අමතක කර රට සංවර්ධනය කිරීමේ ගමනට තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා සමස්ත ජනතාවට ආරාධනා කර සිටියේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [179.12 KB]

 

Your Comments