බූවැලිකඩ ස්ථාන කිහිපයක ගිලා බැසීම්

19

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැලිලක් ගිලා බැසීමට හේතුව එහි ඉදිකිරීමේ ගැටලූවක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂනආයතනය පවසනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා සිත නිව්ස් 24 කළ විමසීමකදී මේ බව අනාවරණ කළා.

පස් මහල් ගොඩනැගිල්ල ගිලාබසින බවට අසල නිවසේ සිටි පුද්ගලයින් පළමුව දැනුම් දී තිබුණා.

ඒ අනුව එම ගොඩනැගිල්ලේ පදිංචිව සිටි පිරිස වහා ඉවත් වීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් ගොඩනැගල්ල කඩාවැටී ඇත්තේ අසල නිවසටයි.

අනතුරත් සමග එම නිවයේ සිටි බිළිෙඳකු ඇතුළු තිදෙනෙකු අතුරුදන් වුණා.

සුන්බුන් අතර සිරවී සිටි මාස 4ක පමණ බිළිදෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.

කෙසේ වෙත්ත දරුවා එහිදී මිය ගොස් තිිඛෙනවා.

අතුරුදන්ව ඇත්තේ බිලිදාගේ දෙමව්පියන්.

මුදා ගැනීමේ මෙහෙයුම සඳහා යුධ හමුදාව වහා කැඳවා තිඛෙනවා.

ප්‍රදේශයේ තවත් ස්ථාන කිහිපයක ගිලාබැසීමේ ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා සිත නිව්ස් 24 වෙත සඳහන් කළේ .

ඒ අනුව පවුල් කිහිපයක් ඉවත් කිරීමට ද කටයුතු කර තිඛෙනවා.

Your Comments