නිරෝධායනය අවසන් කළ 320ක් අදත් නිවෙස් වෙත

31

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 320 දෙනෙකු අද දිනයේදී නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මිහින්තලේ නිරෝධායනය මධ්‍යස්ථානයෙන් එක් අයෙක්ද පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හැට දෙදෙනෙක්ද මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් අට දෙනෙක්ද පිටව යාමට නියමිතයි.

හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හතළිස් එක් දෙනෙක්ද බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පනස් අට දෙනෙක්ද දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හැට එක් දෙනෙක්ද අද දිනයේ නිරෝධායනය අවසන් කර පිටව යාමට නියමිත බවයි කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර සීගිරිය ෆ්‍රෙස්කෝ වෝටර් විලා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි පස් දෙනෙක්ද සීගිරිය විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් පනස් දෙදෙනෙක්ද රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් පස් දෙනෙක් සහ මිරිස්ස මන්දාරා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයන් හත් දෙනෙක්ද පිටව යාමට නියමිතයි.

අද(18) වන විට පුද්ගලයන් 42,582 දෙදෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ අද(18) උදෑසන වන විට පුද්ගලයින් 5,895 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

 

Your Comments