දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයාමේ අවදානම

12

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට තවදුරටත් නායයාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානමක් නිකුත් කර ඇති බවයි.

අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු ද තවදුරටත් විවෘත කර තිබෙනවා.

මේ අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Your Comments