ජාතික ලැයිස්තු දැනුම්දීමට දී තිබූ කාලය අදින් අවසන්

65

ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර දැනුම්දීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ හේතුවෙන් අද දිනය තුළ ඊට අදාළ නම් ලබාදෙන ලෙසයි කොමිසම විසින් දේශපාලන පක්ෂ වෙත දැනුම් දී ඇත්තේ.

මෙවර මහා මැතිවරණයෙන් දේශපාලන පක්ෂ 07ක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර හිමිකර ගත්තා.

ඒ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර ලැයිස්තුව මේ වනවිටත් මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන්.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූර ලේඛන මැතිවරණ කොමිසම වෙත භාර දී නොමැති බවයි වාර්තා වන්නේ.

Your Comments